ebay කියන්නේ ලෝක ප්‍රසිද්ධ online market එකක්. අපට අවශ්‍ය බොහෝ දේවල් මිලට ගැනීමේ අවස්ථාව ebay වලින් ලබා දීලා තියෙනවා. ebay අපට විශේෂයෙන්ම මතක් වෙන්නේ පහසුවෙන් සොයාගන්න බැරි මොකක්හරි gadget එකක් ගන්න ඕන වුනහම. කොහොමවුනත් ebay වලින් මිලදී ගැනීම් කරන්න පුළුවන් paypal හරහා තමයි. ඉතින් එක නිසා ebay වලින් භාණ්ඩයක් මිලට ගැනීමට අවශ්‍යනම් මුලින්ම paypal account එකක් හදාගන්න ඕනේ. ඒ විතරක් මදි ඒකට සම්බන්ධ කරන්න credit card එකකුත් ඕනේ වෙනවා. ප්‍රශ්නයක් එන්නේ ඔන්න ඔය වෙලාටට තමයි. සමහර විට ඔබට credit card එකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් පහසුවෙන්ම එම කාඩ්පත paypal වලට සම්බන්ධ කිරිමෙන් ගෙවීම් කරන්න පුළුවන්.
නමුත් ඔබට credit card එකක් නැත්නම් හරි credit card එකෙන් ගෙවීම් කිරීම ආරක්ෂාකාරී නැහැ කියලා හිතනවානම් හරි තියෙන විසඳුම තමයි Web Card කියන්නේ. මෙම පහසුකම ලබා දෙන්නේ සම්පත් බැංකුව මගින්. සම්පත් බැංකුවකට ගිහින් ඔබටත් පුළුවන් Web Card Account එකක් ආරම්භ කරන්න. ප්‍රථමයෙන් අරාම්භ කරද්දී රු. 2500, රු. 7500 , රු. 10000 වශයෙන් කැමති මුදලක් තැන්පත් කරන්න පුළුවන්. පසුව කැමති මුදලක් අවශ්‍යතාවයේ හැටියට top up කිරීමේ හැකියාව තියෙනව. මෙම Web Card එක යොදා ගන්න පුළුවන් online ගනුදෙනු සඳහා පමණයි. ebay වලට අමතරව වෙනත් ඕනෙම online ගෙවීමක් කරන්න Web Card එකෙන් පුළුවන්. තමන් top up කරපු මුදල් ප්‍රමාණයට පමණක් ගෙවීම් සිදුකල හැකි නිසා ආරක්ෂාකාරී බවකුත් තියෙනවා.
තප්පර 5කට පසු Skip Ad, Click කරන්න.






0 comments:
Post a Comment