Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, November 14, 2014

ebay shoping කරන්න web card එකක්.

ebay  කියන්නේ ලෝක ප්‍රසිද්ධ online market  එකක්. අපට අවශ්‍ය බොහෝ දේවල් මිලට ගැනීමේ අවස්ථාව ebay වලින් ලබා දීලා තියෙනවා. ebay අපට විශේෂයෙන්ම මතක් වෙන්නේ පහසුවෙන් සොයාගන්න බැරි මොකක්හරි gadget  එකක් ගන්න ඕන වුනහම. කොහොමවුනත් ebaවලින් මිලදී ගැනීම් කරන්න පුළුවන් paypal  හරහා තමයි. ඉතින් එක නිසා eba වලින් භාණ්ඩයක් මිලට ගැනීමට අවශ්‍යනම් මුලින්ම paypal account එකක් හදාගන්න ඕනේ. ඒ විතරක් මදි ඒකට සම්බන්ධ කරන්න credit card එකකුත් ඕනේ වෙනවා. ප්‍රශ්නයක් එන්නේ ඔන්න ඔය වෙලාටට තමයි. සමහර විට ඔබට credit card එකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමනම් පහසුවෙන්ම එම කාඩ්පත paypal වලට සම්බන්ධ කිරිමෙන් ගෙවීම් කරන්න පුළුවන්. 



නමුත් ඔබට credit card එකක් නැත්නම් හරි credit card එකෙන් ගෙවීම් කිරීම ආරක්ෂාකාරී නැහැ කියලා හිතනවානම් හරි තියෙන විසඳුම තමයි Web Card කියන්නේ. මෙම පහසුකම ලබා දෙන්නේ සම්පත් බැංකුව මගින්. සම්පත් බැංකුවකට ගිහින් ඔබටත් පුළුවන් Web Card Account  එකක් ආරම්භ කරන්න. ප්‍රථමයෙන් අරාම්භ කරද්දී රු. 2500, රු. 7500 , රු. 10000 වශයෙන් කැමති මුදලක් තැන්පත් කරන්න පුළුවන්. පසුව කැමති මුදලක් අවශ්‍යතාවයේ හැටියට top up කිරීමේ හැකියාව තියෙනව. මෙම Web Card  එක යොදා ගන්න පුළුවන් online ගනුදෙනු සඳහා පමණයි. ebay  වලට අමතරව වෙනත් ඕනෙම online ගෙවීමක් කරන්න Web Card එකෙන් පුළුවන්. තමන් top up කරපු මුදල් ප්‍රමාණයට පමණක් ගෙවීම් සිදුකල හැකි නිසා ආරක්ෂාකාරී බවකුත් තියෙනවා. 
පහල link එකෙන් web card application form එක Download කරගන්න පුළුවන්.



තප්පර 5කට  පසු Skip Ad, Click කරන්න.

Sunday, November 9, 2014

ඔබේ වෙබ් අඩවියත් Android App එකක් කරමුද ?

දැන් smart phone එකක් නැති කෙනෙක් හොයාගන්න පුලුවන්ද. හැමෝගෙම ජිවිත ගත වෙන්න දැන් මිනිස්සු එක්ක නෙවෙයි apps එක්ක. මිනිස්සුන්ටත් app එකක් වෙන්න පුළුවන් විදියක් ළඟදීම හොයාගනී. එතකොට අයෙත් පරණ විදියට මිනිස්සුන්ට මිනිස්සු එක්ක කාලය ගතකරන්න පුළුවන්. 



කියන්න යන්නේ මිනිස්සුන්ට app එකක් වෙන්න පුළුවන් විදියක් ගැන නෙවෙයි. ඔබේ web site එක හරි blog එක හරි නොමිලේම app එකක් කරගන්න පුළුවන් විදියක් ගැන. මේ සේවාව අපිට ලබා දෙන්නේ Bhasha Lanka (Pvt) Ltd ආයතනය. 
ඔබට තියෙන්නේ පහල තියෙන Link එකෙන් ගිහින් ඔබේ website / blog එකේ URL එක ලබාදීම පමණයි.  Web Site එක මගින් එය Androi app එකක් බවට හරවනවා. ඔබට අවශ්‍ය වෙනස්කම් තියෙනවනම් ඒ කරගැනීමේ අවස්ථාවත් ලබා දිල තියෙන නිසා හොඳ Android app එකක් හදා ගන්න පුළුවන් පහසුවෙන්ම. 



තප්පර 5කට පසු Skip Ad, Click කරන්න.

Tuesday, November 4, 2014

Google වලින් සිංහල කොටමු.


සිංහල කොටන්න දැන් ඔන්න හරිම පහසුයි. Google Input tool  එක දා ගත්තහම තියෙන්නේ කොටගෙන කොටාගෙන යන්න විතරයි. පහල  තියෙනවා Link එක. සිංහල select කරලා download කරගෙන පාවිච්චි කරලා බලන්න. ඒ අතරේ ආඩම්බර වෙන්නත් පුළුවන්. Google අපේ භාෂාව ගැනත් අවධානය යොමු කරපු එක ගැන. 


මේකත් බලන්න අපේ සිංහල භාෂාව ගැන ජර්මන් ජාතිකයෙක් කියන කතාවක්. හිතල බලන්න ඇත්ත නේද ?



Sunday, November 2, 2014

Share කරන ගමන් සල්ලි හොයන්න, tsu

tsu කියන්නේ ඔබ දැනටමත් භාවිත කරන facebook වගේ සමාජ ජාල වෙබ් අඩවියක්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි එහි ආදායමෙන් 90% ක් users ලා අතර බෙදා දීම. tsu කියන ආකරයට සමාජ ජාල වෙබ් අඩවියක පැවැත්ම තියෙන්නේ එහි users ල මත. ඔවුන් share කරන දේවල් එක්ක තමයි  වෙබ් අඩවියේ ජනප්‍රියභාවය රඳා පවතින්නේ. Users ලා තමන්ගේ නිර්මාණ, ඡායාරූප, වීඩීයෝ ආදීය share කිරීමෙන් සමාජ ජාල වෙබ් අඩවිය පවත්වාගෙන යන නිසා එහි අයිතිය තියෙන්න ඕනේ users ලට කියලයි tsu ගේ මතය. ඒ අනුව තමයි ආදායමෙන් 90%ක් තමන්ගේ users ලා අතරෙ බෙදා දෙන්න tsu තීරණය කරල තියෙන්නේ. 




අළුත් සාමජිකයෙකුට මෙහි Register වෙන්න පුළුවන් කලින් register වුණ user කෙනෙක් ලබා දෙන link එකක් තුළින් පමණයි. එමගින් tsu බලාපොරොත්තු වෙන්නේ ජාලය පෝෂණය කිරීමට දායක වූ  users ලව හඳුනාගැනීම. 
ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් සමාජ ජාල වෙබ් අඩවියක තමන්ගෙ photos, videos බෙදාගනිමින් යහළුවන් සමඟ සම්බන්ධතා පවත්වාගන්න ගමන් මුදලු ත් උපයාගන්න. පහළ Link එකෙන් ගිහින් tsu  සමඟ Join වෙන්න පුළුවන්.

     Join the tsu

මුදල් ලබාගන්න නම් $100ක් උපයගන්න ඔනේ. දවසකට උපය ගන්න පුළුවන් ඩොලර් ශත ගානක් නිසා කාලාන්තරයක් බලගෙන ඉන්න නම් වෙනවා. ඒ වගේම අදායමෙන් 10% කින් පමණක් වෙබ් අඩවිය ගැටළුවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. 

Saturday, November 1, 2014

නොමිලේම හොඳ ආරාක්ෂාවක් AVAST වලින් විතරයි.

Virus එකක් computer එකට ආවොත් ඉතින් විනාශයක් තමයි වෙන්නේ. සමහර වෙලාවට ගොඩක් කල් පරිස්සම් කරගත්තු Photos, Movies වගේ files DELETE කරල දාන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි දෙයක් වෙන්න කළින් ආරක්ෂා වෙන එක. ඒකට ඉතින් හොඳ Virus Guard එකක් use කළා නම් හරි.



AVAST කියන්නේ අන්න ඒ වගේ හොඳ Virus Guard එකක්. විශේෂම දේ තමයි මේක නොමිලේම ලබාගන්න පුළුවන් විම. නොමිලේ ලබා දෙන Virus Guard විදියට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ ආරක්ෂාවක් AVAST අපිට දෙනවා. නිරන්තරයෙන් යාවත්කාලීන වෙන නිසා කිසිම Virus එකකට AVAST වලින් ගැලවෙන්න නම් බැහැ.
ඔබත් පාවිච්චි කරලම බලන්න වෙනස.


තප්පර 5කට පසු Skip Ad Click කරන්න.


User Name Password අමතක කරන්න. LastPass වලට මාරු වෙන්න.


LastPass කියන්නේ අන්තර්ජාලයේ සැරිසරනකොට ඔබට ඕනේම වෙන වීදියේ පොඩි software එකක්. මේකෙන් කරන්නේ ඔබ යම්කිසි web site එකක Register වෙද්දි භාවිත කරන User Name / Email  සහ Password එක මතක තබා ගැනීම. නැවත ඔබට එම web site එකට LOG වෙන්න ඕනේ උනහම User Name / Email , Password type  කර කර ඉන්න ඕනේ නැහැ. Last Pass එක ඔබ වෙනුවෙන් ඒක කරනවා. ඔනේ නම් auto login දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අඩුම තරමේ Login වත් click කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම browser වලට extension එකක් තියෙන නිසා ඔබ දැන් භාවිත  කරන ඕනෑම browser එකක් සමඟ ලෙහෙසියෙන් යොදා ගන්න පුළුවන්.
මෙහි තියෙන විශේෂතා විදියට

  • Register වීමේදී එම User Name / Email  එක save කරගැනීමට ස්වයංක්‍රීයව විමසීම.
  • විවිධ category යටතේ save කරගැනීමේ හැකියාව.
  • Login පිටුවට ගියවිට User Name / Email , Password  auto fill වීම.
  • එකම website එකක User Name / Email  කිහිපයකින් register වී සිටින විට තෝරාගැනීමට අව්ස්ථාව ලබා දීම.

ආදිය සඳහන් කරන්න පුළුවන්.


ඒ වගේම

තවත් විශේෂ දෙයක් තමයි LastPass web site එකට ඕනෑම තැනකින් Log උනහම ඔබට ඔබගේ සියළුම website වලට අදාළ User Name / Email  හා Password ඇති LastPass Vault එක පෙන්වීම. ඒ කියන්නේ ඔබ මතක තියගන්න ඕනේ LastPass එකේ  Email  හා Password විතරයි.


මේක පාවිච්චි කරලම බලන්න කොච්චර වටින එකක්ද කියල ඔබටම තෙරෙයි. Link එක පහළ තියෙනව.



                                                      තප්පර 5 කට පසු Skip Ad Click කරන්න.